හිටපු ජනපති මාධ්‍ය ඒකකයේ දෙවැනියා නාමල්ව විකුණා සල්ලි ගරා මාට්ටු

පසුගිය රජය සමයේ ජනාධිපති හා ජනාධිපතිගේ පුතුන් හඳුනන බව කියමින් ජනතාව මුළා කළ ව්‍යාජ පුද්ගලයින් අනන්තවත් සිටි අතර එම කාර්යාලයේ ඇත්තටම සේවය කළ පුද්ගලයෙකුද හිටපු ජනපති පුත් නාමල්

රාජපක්ෂගේ නම විකුණා මුදල් ගරා පොලිසියට හසුව තිබෙනවා.
රැකියා ලබා දෙන බවට පුද්ගලයින් මුළා කර රුපියල් හත්ලක්ෂ අසූහත්දහස් පන්සියයක මුදලක් වංචා කිරීමේ
චෝදනා යටතේ එකල ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප‍්‍රධානියා වූ අෂ්රොෆ් අලි නැමැති අය පොලිස් අත්අඩංගුවට පත්ව මෙම 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරු ඉකුත් රජය පැවැති කාලයේ ජනාධිපති මාධ්‍ය අංශයේ ද්‍රවිඩ මාධ්‍ය හා මහජන සම්බන්ධතා ඒකකයේ සේවය කරමින් සිටි බව පැවසෙන අතර නව ජනපතිවරයා පත්වූ පසුවත් ජනාධිපති මාධ්‍ය අංශයේ එම තනතුරම දරමින් සේවයේ යෙදී සිට ඇත.
ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් ජනාධිපති කාර්යාලයේ විවිධ රැකියා ලබාදිය හැකි බව පවසමින් පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් රැස්කර තිබූ බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිළි මත මොහු අත්අඩංගුවට පත්විය.
කලක් රටින් පැනගොස් සිටි ඔහු නැවත මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප