බැසිල් ඇතුළු තිදෙනාටම එක්වරම පපුවෙ අමාරුව - මිලියන 2100 වංචාවට බැසිල් හිරේ එක්ස්පීරියන්ස් ගත්තට කමක් නෑ - මහින්ද

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ
මහතා බන්ධනාගාර රෝහලේ සිටියදී ඊයේ සවස හදිසියේ දන්වා සිටියේ තමන්ට පපුවෙ අමාරුවක් වැළඳුන බවයි.

ඉන් පසු ඔහු සමග රක්ෂිත බන්ධනාගාරයට නියමවූ අනෙක් දෙදෙනාටද පපුවෙ අමාරුව වැළඳුන අතර වෛද්‍යවරයෙකුවූ නිහාල් ජයතිලකද තමාට පපුවෙ අමාරුව ඇති බව වහා පවසන ලදි .
බැසිල් ඇතුළු තිදෙනාටම පපුවෙ අමාරුව ඇති නිසා බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කරන්නට ඔවුන් පරීක්ෂා කළ හිතවත් වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය නිර්දේශ ලැබුනේ ඉන් අනතුරුවයි.
මෙම අසාමාන්‍ය පපුවෙ අමාරුව
නිසා බන්ධනාගාර රෝහලට වඩා සැපපහසුකම් සහිත කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ පහසුකම් භූක්ති විඳීමට මෙම තිදෙනාට හැකියාව ලැබී ඇත.
බන්ධනාගාර ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශය මත කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට (කාමර අංක 15) ඊයේ

(23) පස්වරුවේ මෙම තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත එලෙස මාරු කර යවන ලදි.

මේ අතර බැසිල් සිරගතවීම ගැන අදහස් පළ කරන ලද බැසිල්ගේ සොයුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ

‘සමෘද්ධිලාභින්ට සල්ලි දුන්නා කියලානේ බැසිල් අත්අඩංගුවට අරන් රිමාන්ඕ කරල තියෙන්නෙ... මාසයක් මාස තුනක් නොවෙයි මාස හයක් හිරේ ගියත් කමක් නැහැ. මමත් මාස තුනක් හිර ගෙයි හිටිය කෙනෙක්. දේශපාලනඥයෙක් වශයෙන් මෙවැනි අත්දැකීමක් තියෙන්නත්   ඕනෑ.’ ලෙසිනි.

මෙම ප‍්‍රකාශය මගින් බැසිල්ගේ සිරගතවීම ‘සුළු වරදක් මත අත්දැකීම් ලබාගැනීමක්’ ලෙස හිටපු ජනපතිවරයා අර්ථ දක්වා ඇත. ජනතා මුදල් රුපියල් මිලියන 2100 ක් තම පුද්ගලික ගිණුම් වල තැන්පත් කර වංචා කිරීමේ චෝදනාව සමෘද්ධි ලාභින්ට සල්ලිදීමක් වන්නේ කෙලෙසද යන්න දේශපාලන විචාරකයින්ගේ අදහසයි. එසේම මෙවැනි මූල්‍ය වංචා දේශපාලන ගමනේ අත්දැකීමක් ලෙස පමණක් සැලකිය හැකි වන්නේද යන්නද ගැටලූකාරීය.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප