වෙලේ සුදා එක්ක අපි නෙමෙයි හිටියේ - සේමිණී සහ ලෝචනා මාධ්‍ය සාකච්ඡාවක

දැනට අත්අඩංගුවේ පසුවන සුප‍්‍රකට මත්කුඩු ව්‍යාපාරික වෙලේ සුදා හෙළි කළ කරුණු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විශාල ප‍්‍රසිද්ධියක් සහිතව පළවෙද්දී ඔහුගේ කුඩු ජාවාරමට උදව් කළ ප‍්‍රකට ටෙලි නිළියන් 6 දෙනෙකු සිටි බවටද ආරංචියක් ප‍්‍රචාරය වී තිබුණා.

නමුත් එම 6 දෙනා කවුරුන්ද යන්න ගැන පොලිස් වාර්තා මේ වනතුරු නම් හෙළි කර නැති අතර කිසිදු මාධ්‍යයක් එම නම් පළ කර තිබුනේද නැත.
මෙම කුතුහලය ප‍්‍රයෝජනයට ගනිමින් රැකියා විරහිතව නිවසටවී සිටින එක්තරා තරුණයෙකු ඔහු පවත්වා යන ෆේස් බුක් පිටුවක්
ජනප‍්‍රිය කරගැනීමේ අටියෙන් ‘නිළියන් 6 දෙනාගේ නම් මෙන්න’ යනුවෙන් හෙඩිමක්ද යොදා එම තරුණයා අනුමාන කරන නිළියන් 6 දෙනෙකුගේ නම් ප‍්‍රචාරය කර තිබුණා. එම නම් අතර සේමිණි,ලෝචනා,ගයේෂා ආදීන්ද සිටියා.
එම ව්‍යාජ ප‍්‍රවෘත්තිය ඇත්තක් ලෙස ගෙතීමට අවශ්‍ය නිසාදෝ ඇතැම් නිළියන් දැන් අතුරුදන්ව සිටින බවටත් ඇතැම් අය විදෙස් ගතව ඇති බවටත් එහි ලියන්නට තරුණයා සූක්ෂ්ම උපායක් යොදා තිබුණා.
මේ කාලයේ ෆේස් බුක් ඔස්සේ  ඕනෑම කරුණක් පහසුවෙන් පතුරුවා හැරීය හැකි වාසිය නිසා එම තරුණයාගේ සිතලූව ඉතා ඉක්මණින් වෙනත් අය අතර හුවමාරුවී තිබුණා.

එය බැලූ අය සිතුවේ ඇත්තටම මේ 6 දෙනා වෙලේ සුදා සමග සබඳතා පවත්වා ඇති බවකි. මේ අතර කිසිම කරුණක් ගැන සොයා නොබලා වෙබ් අඩවි ජනප‍්‍රිය කරගන්නට ඇසට දකින  ඕනෑම දෙයක් කොපි කරදමන වගකීම් විරහිත වෙබ් අඩවි කිහිපයකුත් මේ ෆේස් බුක් පුවත සිය වෙබ් අඩවි වල පළ කර තිබුණා. ඒ නිසා තරුණයාගේ බොරුව තවත් පැතිරී ගියා.

මින් සතියකට පමණ පෙර ඇතිවූ මෙම ආන්දෝලනයෙන් පසු අදාළ නිළියන් හිතවතුන් අතරේ අපහසුතාවට ලක්ව තිබුණ අතර ඔවුනට තොරතෝංචියක් නැතිව දුරකථන ඇමතුම් ලැබී තිබුනේ ආ ඔයා වෙලේ සුදා එක්ක හොර වැඩ කළානේදැයි අසමිනි.
මින් වඩාත් අපහසුතාවයට පත් සේමිනි ගයේෂා සහ ලෝචනා ඉමාෂි මාධ්‍ය වෙත ප‍්‍රකාශ නිකුත් කරන්නටද උනන්දුවුනේ මේ ව්‍යාජ පුවත තේරුම් ගන්නා ලෙස ඉල්ලමිනි.

අද රාජගිරියේ සවරින් හෝටලයේ සේමිණි හා ලෝචනා මේ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර ඒ සඳහා එම දෙදෙනාගේ සහායට දිල්හානි ඒකනායක, නදීකා ගුණසේකර ඇතුළු කලා ශිල්පීන් කිහිපදෙනෙකුද පැමිණ ඇත.

සිද්ධියට සම්බන්ධ තරුණයා පොලිසියට කැඳවා අවවාද ලබාදීමටද කටයුතු කළ බව සේමිණි ප‍්‍රකාශ කළා. එම තරුණයා ඔහුගේ පිටුවෙන් එය ඒ දිනවලම ඉවත් කරගෙන තිබුණ නමුත් වෙබ් අඩවි සමාජ මාධ්‍යවල තවමත් එම පුවත හුවමාරුවෙමින් පැවතීම නිසා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්නට කල්පණා කළ බව සේමිනි කියා සිටියා.
තව සති කිහිපයකින් යුග දිවියට එළැඹීමට සූදානම් වන ලෝචනා ඉමාෂි කියා සිටියේ මේ සිද්ධිය නිසා ඇගේ ප‍්‍රතිරූපය හානිවී ඇති බවයි.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප