පබා මාලනී සනත් බුද්ධික නාමල් කැටගොඩ පෙරේදායින් පසු 69 දෙනෙකුට පෙන්ෂන් පඩි පාර්ලිමේන්තු නයිටේදී විස්කි බීපු අය ගැනත් පරීක්ෂණ

2010 මැතිවරණයෙන් ජනතා නියෝජිතයින් බවට පත්වූ පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන් 69 දෙනෙකු පෙරේදා 22 වනදායින් පසු වසර 5 සම්පූර්ණ කළ අතර මේ හේතුවෙන් ජීවිත කාලය පුරා ලැබෙන වරප‍්‍රසාදිත පාර්ලිමේන්තු පෙන්ෂන් පඩිය
ලබන්නට ඔවුන් සමත්ව ඇත.
ඔවුන් ඊළග මැතිවරණයෙන් පත්වුවත් නැතත් මෙම විශ‍්‍රාම වැටුප ලැබේ. මෙම වාසනාව උදාකරගත් අය අතර
පබා, මාලනී,සනත්, නාමල්, බුද්ධික,කැටගොඩ,කරුණා ඇතුළු 69 දෙනෙකු සිටී. දින 100 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නට නව රජය මැළිවූයේද මෙම පෙන්ෂන් පඩි අහිමිවන අය ගැනද කල්පණා කරමිනි.

මේ අතර විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනපතිවරයා වෙනුවෙන් පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගැබේ නිදිවර්ජිතව විරෝධතාව දක්වන
අතරවාරයේ රාත‍්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

එදින රාත‍්‍රියේ සිට පසුදා උදැසන දක්වා සභා ගැබෙහි රැඳී සිටිමින් විරෝධතාවට එක්වූ මන්ත‍්‍රීවරුන් එතුළට විස්කි ගෙනවිත් ඇති බවට පසුදා ඇමති රවි කරුණානායක සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ උපහාසාත්මක ලෙස ප‍්‍රකාශ කළ මුත් එම අවස්ථාවේ පැමිණිල්ලක් කළේ නැත.

නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් හා විනය උල්ලංඝකය කරමින් පාර්ලිමේන්තු ගෞරවය කෙළෙසමින් එතුළට මත්පැන් ගෙන්වා පානය කර ඇති බවටත්, පාර්ලිමේන්තු භෝජනා ගාරයෙන් කට ගැස්ම පිළියෙළ කර ඇති බවටත් පැමිණිලි ලැබී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප‍්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ කථානායකවරයා වෙත දැනුම් දීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප