ශාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයේදී අඹුසැමියන් ලෙස හැසිරීමෙන් පසු මියගිය පිරිසිඳුකරන්නිය ඝාතනය කළේ වසර 10 ක් තිස්සේ හොරෙන් හමුවූ අනියම් සැමියාද? මුරකරුද?

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයක් තුළ මියගොස් සිටියදී පසුගියදා හමුවූ කාන්තාව මරා දමා ඇති අය ගැන පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී ඇගේ අනියම් පෙම්වතෙකු හා විදුහලේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට පත්වූ නමුත් ඇයව මරා දමා ඇත්තේ කවුද යන්න තවමත් අභිරහසක්ව පවතී.

ඇය මියයන්නට පෙර ලිංගික ක‍්‍රියාකාරකමක නිරතවූ බවට සාධක හමුවූ අතර ඇය සමග එකට සිටි අත්අඩංගුවට පත් අනියම් පෙම්වතා පවසා ඇත්තේ ඔහු ඇය හා එලෙස හැසිරුණ බව ඇත්තක් නමුත් ඝාතනයක් සිදු කළේ නැති බවකි. ඔහු ඇය සමග එකට සිටීමෙන් පසු ඇයගෙන් කෑම එකක් ගන්නට මුදල්ද ඉල්ලාගෙන
එතැනින් පිටව ගිය බවත් මිනිත්තු 40 කට පමණ පසු ඇයට දුරකථනයෙන් අමතන විට ඇය උත්තර නොදුන් බවත් ඔහු පවසා තිබෙනවා.


කිරුළපන ප‍්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි චන්ද්‍රිකා සුමතිපාල නමැති දෙදරු මවක මේ ආකාරයට මියගොස් තිබුණා. ඇය විවාහව සිටියේ දෙමළ ජාතිකයෙකු සමගයි.18 හැවිරිදි වියේ පසුවන නිවුන් දැරියන් දෙදෙනෙකු ඇයට සිටිනවා.

ඇය මෙම සැමියා හා විවාහවන්නට පෙර සිටම පෙර කී අනියම් පුද්ගලයා ආශ‍්‍රය කර තිබෙන අතර ඔහු හා විවාහ වන්නටද නියමිතව සිටි බව පැවසුණා. නමුත් කිසියම් හේතුවක් මත එය මගහැරී ඇත්තේ ඇය මැදපෙරදිග රැකියාවකට ගිය කාලයේ එම පුද්ගලයා වෙනත් අයෙකු හා විවාහ වීම නිසාය.

ලංකාවට පැමිණි පසු ඇයත් වෙන විවාහයක් කරගත් නමුත් දෙදෙනා අතර බැඳීම කාලාන්තරයක් තිස්සේ තිබී ඇත.
ලොරි රියදුරු සහායකයෙකු ලෙස සේවය කරන 52 හැවිරිදි මෙම පුද්ගලයා ඇයව වරින් වර හමුවී රහසේම අඹුසැමියන් ලෙස හැසිරී ඇත්තේ අවුරුදු 10 ක පමණ කාලයක සිටයි. නමුත් මෙම රහස දෙදෙනාට පමණක් සීමාවී තිබී ඇති අතර ඔවුනගේ වැඩිවියට පත් දරුවන්ද මේ ගැන හාංකවිසියක් දැන සිට නැත.
කාලයක සිට පිරිසිඳු කිරීමේ ආයතනයකට සම්බන්ධවී බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලේ පිරිසි\ු කිරීමේ කටයුතු වල නිරතවන ඇය සතිඅන්ත පාලූ දිනවල පිරිසිඳු කිරීමේ කටයුත්තට එන විට රහසේ පන්ති කාමරයකදී එක්වීමද කාලයක සිට මෙම පුද්ගලයා විසින් සිදු කරනු ලැබ ඇත්තේ විදුහලේ මුරකරුටද සංතෝෂමක්දී යාලූ කරගෙනයි.
සිද්ධිය වූ දවසේ ඇය හමුවන්නට විදුහලේ ප‍්‍රධාන දොරටුවෙන් ඔහු ඇතුළු වී ඇත්තේද මුරකරුගේ උදව්වෙනි.

ඇයව විදුහලේ ගබඩා කාමරයක හමුවී ලිංගිකව හැසිරුණ බව ඔහු ප‍්‍රකාශ කර තිබුණ අතර දවල් කෑම එකක් ගන්නට ඇය රුපියල් 300 ක මුදලක්ද ඔහු අත තබා කෑම කෑමෙන් පසුව කථා කරන්නට යයිද පවසා ඔහුට සමුදී ඇත. නමුත් ඇයට පසුව කථා කරද්දී

කිසිම ඇමතුමකට උත්තර නොදීම නිසා ඔහුට සැකයක් පැනනැගී ඇති නමුත් ඇය තවදුරටත් පාසලේ සිටිනු ඇතැයි සිතා නැත.
මේ අතර නිවසින් පිටත්වූ චන්ද්‍රිකා නිවසට යළි නොඒම ගැන එදා සන්ධ්‍යාවේ කලබලයට පත් චන්ද්‍රිකාගේ නිවසේ උදවිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සිදු කළ පරීක්ෂණ ඔස්සේ ඇය විදුහලේ ගබඩා කාමරයක මරා දමා ඇති බව සොයාගෙන තිබුණා.

මෙම මරණය සම්බන්ධ පාසලේ මුරකරු ලබාදුන් සාක්ෂිය තරමක් සැක සහිත වන අතර ඔහු ඇයව හමුවන්නට පුද්ගලයෙකු ආ බව පොලිසියෙන්ද සඟවා ඇත. ඇය පාසල පිරිසි\ු කරන්නට ආ බව දුටු නමුත් පිටව යාමක් මතක නොතිබූ බව පමණක් පවසා තිබුණි.

චන්ද්‍රිකාගේ මළ සිරුර පරීක්ෂා කිරීමේදී හිසට බරපතල පහරක් වැදුණ ලක්ෂණ සොයාගෙන තිබෙන අතර ඒ සම්බන්ධ සිරුරු කොටස් තවම අධ්‍යයනය කෙරේ. ඇගේ දුරකථනයේ මිස් කෝල් ලබාදුන් අනියම් පෙම්වතා සිටිනා තැන පහසුවෙන් සොයාගෙන පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් පසු ඔහු කාන්තාව හා ලිංගිකව හැසිරුණ කාරණ පැකිලීමෙන් තොරව කියා සිටියත් මරණය සිදුවූ ආකාරය ගැන දැන සිටියේ නැත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විවෘත තීන්දුවක් ලබාදී තිබුණ නිසා ඇගේ නිවසේ උදවිය පරීක්ෂණ ගැන තවම සෑහීමකට පත්වී නැත.
කාන්තා සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ තවම සිදුවේ.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප