ඊයේ රෑ පාර්ලිමේන්තු සේවකයින් ගෙනා මත්පැන් ගැන රවි කතාවට ගොස් නැවතත් ඇතුළේ විරෝධතා

ගම්මංපිලයි ප‍්‍රසන්නයි සමන්මලීයි පියසිරියි කට්ටිය ගෙනත්
එළියෙත් විරෝධතා

ඊයේ රාත‍්‍රී පහන් වනතුරු පාර්ලිමේන්තු සභාගැබේ රැඳී සිටිමින් මහින්ද හිතවාදී එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන ගිය විරෝධතාවය අද නව මුහුණුවරකට හැරෙමින් පාර්ලිමේන්තුව උදෑසන රැස්වූ අවස්ථාවේත් කතාබහක් ඇති කළා.

ඊයේ රාත‍්‍රී පාර්ලිමේන්තුවේ සේවකයින් තමන්ට සැලකූ ආකාරය ගැන එම මන්ත‍්‍රීවරුන් ස්තූතිය පළ කරන අතර පාර්ලිමේන්තුවේ ඊයේ රාත‍්‍රි නතරවූ අය රැගෙන ආ දෙයක්
සම්බන්ධයෙන් ඇමති රවි කරුනානායකගේ විහිළුවක් නිසා විරෝධතාවයක් මතුව තිබුණ අතර ඔහු ඒ ගැන කියූ දේට කුපිතවී ඊයේ විරෝධතාව දැක්වූ මන්ත‍්‍රීවරුන් නැවත සභාව මැදට පැන කලහකාරී ලෙස කෑකෝ ගසන්නට වුණා. එම ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසද ඔවුන් බලකළා.
රවී කියූ දෙය කුමක්දැයි හරිහැටි ඇසී තිබුනේ නැති බව කියමින් කතානායකවරයා එම ප‍්‍රශ්නය විසඳන්නට උනන්දුවක් දැක්වූයේ නැත.

ඉන් මිනිත්තු කිහිපයකට පෙර කතානායකවරයා දැන්වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මින් ඉදිරියට අල්ලස් කොමිසමට කැඳවීමේදී තමාව පූර්ව දැනුවත්කිරීමකට ලක්කරන බවට කොමිසමේ


අධිපිතිනිය පොරොන්දුවී ඇති බවත් සියලූම පරීක්ෂණ අවසානය දක්වා රහසිගතව සිදු කරන බව කීබවත්ය. මහින්ද රාජපක්ෂ සම්බන්ධ සිද්ධියේදී එම රහස්‍යබව නැතිවීම ගැටලූකාරී වූබව ඔහු කියා සිටියා.
මේ අතර රවීගේ ප‍්‍රකාශයට එරෙහිව මැදට ආ විරෝධතාකරුවන් දිගින් දිගටම කෑගසමින් මහින්ද අල්ලස් කොමිසමට කැඳවීම නතර කිරීම ගැන ලිඛිත ප‍්‍රකාශයක්ද ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව මිනිත්තු 15 කට කල් තබන්නටද කත.ානායකවරයා කටයුතු කළා.
මේ අතර උදය ගම්මංපිල හා පියසිරි විජේනායකගේ මූලිකත්වයෙන් පිරිස් ගෙන්වා පාර්ලිමේන්තුව අසළ මාර්ගයේ මහජන විරෝධයක්ද සංවිධානය කර තිබුණ නමුත් තලංගම පොලිසිය කඩුවෙල උසාවියට එය දන්වා පාර්ලිමේන්තු අධිආරක්ෂක කලාපයේ එම ආරක්ෂාවට තර්ජන කරන උද්ඝෝෂණ වළක්වන අටියෙන් එම විරෝධතාවයට තහනම් නියෝගයක් ගෙන තිබුණා. එය පියසිරි විජේනායකට පොලිසිය භාර දුන් නමුත් ඔහු පිරිස ඉවත් කරගෙන නොසිටි අතර පාර්ලිමේන්තුව අවට විරෝධතාකරුවන් රැස්ව සිටි නිසා විශාල මාර්ග තදබදයක්ද හටගෙන තිබෙනවා.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප